නුඹ දුටු දිනය

නුඹව දුටු මේ දිනය කිසි දින මහට අමතක නම් නොවේ
මැදින් මස මා උපන් දිනයට සිව් දිනක් පෙර දින වුවේ
නුඹේ රුව දැක පොපියු මා හද නුඹෙ රුවෙන් මා පිනවුවේ
නුඹත් ඉක්බිති මා හ ලබැඳිව කතා බහකට එක්වුවේ

හෙමින් හෙමිහිට විනාඩිය පැය ගෙවා අපි දොඩමළු වුනේ
වාස දේසෙ ද වයස රැකියා රුචි අරුචිකම් සැල වුනේ
දිනෙන් දින හමු වෙනා පැතුමන් දෙහද තුල ඉස්මතු වුනේ
ඇඟිලි ගනිමින නිතර දොඩමළු වෙමින් ලංවනු මට පෙනේ

හිතට දැනි කිති කතා කරනා කලේ නුඹ නිති වැඩි කලේ
නුඹත් ඒ ලෙස වින්දදෝ නෑ මහට නුඹ කිසි සැල කලේ
මෙතෙක් හමු වූ බොහෝ රූ හා සම කිරීමක් නෑ කලේ
නුඹෙත් මාගෙත් හමුව නුදුරේ වෙති ද සැක නුඹ දුරු කලේ

Comments