පෙම්බර පළමු හමුව

හමුවිමු අප මේ දිනයේ - සූවිසි දින හැඳුනුම මත
බක් මහ පස් වන පෝ දින - බෝ පැතුමන් සිත් බැඳගෙන
නුඹ වසනා පෙදෙසේ අප - අප දුටුවෙමු මුල් ම වරට
දොඩමළු විමු අප අප ගැන - නෙත් දෙස නිරතුරු බල බල

අප ඇදුනෙමු නුඹෙ භවනට - සිතැඟි ලෙසින් කල් ගෙවනට
ලං වී දොඩමළු වන කල - අත් අල්ලා සිප ගති අප
තුරුලේ හොව නුඹ මා ගත - වින්දේ අප සුර ලෝ සුව
රා ගිනි ඇවිලෙන කල හද - අපි එක්විමු මුල් වාරෙට

දාඩිය බිඳු වැගිරෙන ගත - ඇතිරිලි තෙත් කරමින් අප
දොඩමළු විමු යලි අප ගැන - හද ගිනි තව අවුලාගෙන
පැනයකි නුඹ හිත තෙරපුන - ආදරෙකට කැමති ද වග
පෙර විඳි දුක් ගැන දත් මම - අත් හැරියෙමි නුඹෙ ඇරයුම

සුන්දර දිනයක් අවසන - අපි එක් වුන මුල් දින වුව
නුඹ ගැන හැඟුමක් අමුතු ම - නුඹ ඇති කලෙ මා හිත තුල
යලි හමුවන පැතුමන් මත - නුඹ යලි දකිනට පතමින
සිප වැලඳන් යලි අවසන - අපි වෙන් වුනෙ බෝ සතොසින

Comments