හුදකලා පැතුමන්

සිනා හසරැල් සඟව පෙරදා
කොහේ නුඹ සැඟවුනිද මංදා
තැවුනු හදකට පාළු හන්දා
බහක් නැතුවම යයි ද මංදා

සිහිල් ගිරි කුල් දෙසින් එන්නා
ඔබේ සුවඳැල් පන්න පන්නා
ළයේ කෙලවර උමතු ගන්නා
නුඹත් අද තනි ගමන් යන්නා

යැවූ බඳ වට දෑත රන්දා
ගෙතූ ගෙත්තම් ඇඟිලි බන්දා
තැවූ දෙකොපුල් හාදු කැන්දා
ඔබේ සිහියට නොඑද මංදා

නොවෙම් දිනකර එළිය දෙන්නා
සඳට ඔබ නතු කරන් ඉන්නා
ආල රැඟුමන් නිතර පෙන්නා
දෙසිත් අප රවටනා අටිනා

තැවේ මහදත් මවන හන්දා
ගෙවුනු හෝරා එකට පෙරදා
නැති ද හිත යලි කීවෙ කිසිදා
නිවනු ආශා තුරුලෙ කිමිදා

එතැයි මේ දෙස දිනෙන් දිනෙනා
හුදකලා සිත ඇඟිලි ගැන්නා
තුටින් එක් වී ඉන්න සිතිනා
හැකි කලක් ඉදිරියේ පෙනෙනා

Comments