ගිලිහුණු පබැඳුම

සමීප සුසුමක් සුලඟේ පා වී
ඈතින් ඈතට පියා සලනු දැක
බොඳ වූ දෙනෙතක් අඳුරේ තනි වී
ඉකි බිඳ හැඬුවා සැඟවී

දැනී ම දෙහදත් ඉඳුරේ හමු වී
දෑසින් දෑසට අයා කරපු ඉඟි
සුන් වූ පැතුමන් හා සිහි කැඳවී
හද සොව වැඩුවා මැළවී

විනීත කුසුමක් විලසේ ගිලිහී
නෑවිත් මෑතට ගියා විමස හිත
පැසවූ දහසක් විමසුම් හිර වී
හිත නැත දැමිලා ගැති වී

මිලීන ඇමතුම් මෙකලේ බෝ වී
නෑසී නෑසි ම පියා දොරටු හැම
ලං වූ දෙහදක් දෙඅතක තනි වී
පෙම් කව සිඳිලා පබැඳී

Comments