නිරුත්තර පරතරය

කිට්ටු වූ නුඹ මහද අසබඩ බෝ ම පෙම්බර බවක් පෙන්නා
කරපු ඇරයුම නොදී බහ මම පැකිල තව කල් මරපු හන්දා
ගියපු අයුරට නිහඬ මාවත වෙන්ව බෝ දුර තනිව මිදිලා
සතුටු වන්නට නොහේ මතකය මරන් ලද දඬුවමක් වැන්නා

දොසක් නැත හැර දැමූ මග හැම නුඹට යලි හිත ගියපු විටිනා
හිතක් ඇත ගල් නොවූ ඇතුලත මෙළෙක් වන නිසි කලට සොඳිනා
දෙවත් පෙම් සුව ගතත් සියොලඟ දවටමින් ඉහ මලුත් පිපෙනා
එහෙත් ඒ මල් පරව යන කල සිහින් කඳුලක් නෙතින් මිදුනා

ගියත් සමුදුරු සතක් පසු කර ශේෂ වූ අප මතක හැර දා
කොතෙක් උත්තර නැතත් විමසමි විටින් විට තතු පැහැර නොහැරා
වරක් සිව් සත වරක් වුව නුඹ රුවට නිරතුරු සුසුම් සැලෙනා
අසන් සිහි වූවොතින් නුඹ අගනේ ද මහමෙර වැන්න මහටා

Comments