හිමි අහිමි

සිත තියා නුඹෙ හද අසලින්
පෙර දින හමුවින් හිස් මල් පිපෙමින්
නෙත් පියා නුඹ වත මවමින්
බෝ පැය ගෙවමින් පියමං කරමින්
හිනහුනා නිහඬව බලමින්
සුසුමන් සලමින් අතැඟිලි බඳිමින්
නුඹ ගියා පියමං කරමින්
මා සිප වැලඳන් අඳුරේ හෙමිහින්

පෙම් සිනා කව්රුන් කලදැයි
නුඹ වත සිතුවම් මා නම් නොදනිම්
හද පලා කව්රුන් යයිදැයි
නුඹ අත අල්ලන් නැත මට සැනසුම්
බස් දොඩා මා හැර යයිදැයි
නොබලා නැවතත් නැති හැඩ හැඳුනුම්
තෙත් වෙලා මහදත් කිමදැයි
නොසලා කඳුලක් මා නම් නොදනිම්

ඔබ අසත් මා කල පිනුමන්
දැන සිත කෙලෙසත් නොවුනෙ ද රිදවුම්
අප කියත් තනි තනි කෙරුමන්
සැනසුම වෙනුවෙන් කරමින් සැඟවුම්
හිනහුනත් අසමින් කෙරුමන්
නැතුව ද හිත දොස් කියුමට කිසියම්
මට කියන් හද කියු කියුමන්
සඟවා නොසිටන් ගිය මෙන් වියළුම්

පෙම් කලා මා හිත රහසින්
අන් දේ කියුවත් කර හිත හැරවුම්
වැළපුනා ඒ හිත බෙහෙවින්
නුඹගේ අඩුවින් සෙනෙහය කිසියම්
මම කලා නුඹ ගැන පැතුමන්
කර හද පිරියම් නුඹ රුව කැටයම්
නුඹ කරා මා ලොව සක්මන්
නිරතුරු සිහිනෙන් දෙවමින් සැනසුම්

Comments