හේතු ගැලපුම්
අපට අප ගිලිහෙන්න බෝ හේතු ඇති නමුත්
අපට අප ගැලපෙන්න මුලු පරස් නැති නමුත්
සතුට අප හමුවෙන්න යා ව හිත් ඇඳි නමුත්
අතට අත හිමිවෙන්න කල් යත් ද ඉඩ අවුත්
නුඹට මට හිත් වෙන්න ඇසිල්ලක පෙම ඇතත්
නුඹට මට හිත් දෙන්න ඇසිල්ලක් මදි වුවත්
නුඹට මට ලං වෙන්න කල් මහත් ගිය වුවත්
අපට යලි හිනැහෙන්න කල් යත් ද ලං වුවත්
හිතට මගෙ සිතුවිල්ල සිපගන්න නුඹ තවත්
හිතට මගෙ ඇවටිල්ල දැනගන්න නුඹ තවත්
ඇසට මගෙ රිදවිල්ල දැකගන්න නුඹ තවත්
අදට මගෙ ඉවසිල්ල පිළිගන්න නුඹ අවුත්
අපට අප ගැලපෙන්න මුලු පරස් නැති නමුත්
සතුට අප හමුවෙන්න යා ව හිත් ඇඳි නමුත්
අතට අත හිමිවෙන්න කල් යත් ද ඉඩ අවුත්
නුඹට මට හිත් වෙන්න ඇසිල්ලක පෙම ඇතත්
නුඹට මට හිත් දෙන්න ඇසිල්ලක් මදි වුවත්
නුඹට මට ලං වෙන්න කල් මහත් ගිය වුවත්
අපට යලි හිනැහෙන්න කල් යත් ද ලං වුවත්
හිතට මගෙ සිතුවිල්ල සිපගන්න නුඹ තවත්
හිතට මගෙ ඇවටිල්ල දැනගන්න නුඹ තවත්
ඇසට මගෙ රිදවිල්ල දැකගන්න නුඹ තවත්
අදට මගෙ ඉවසිල්ල පිළිගන්න නුඹ අවුත්
Comments
Post a Comment
ඔබගේ අදහස් හා ප්රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...
ඉන්ග්රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.