සිතුවම් අතරේ

සුදු බිතු මත රැඳි සිතුවම් අතරේ
නුඹ නෙත් දැහැනක සමවැද කිමිදී
පියවර අමුණා ඇදී යනෙන කල
හිස මල් පිබිදිනි සතොසේ

වස අග අභියස තනිකම හමුවේ
දා බිඳු නැහැවෙන මද්දහනක දී
නුඹ දැක දැමුනා හිත මගෙ සැනහී
සතුටින් ඉපිලින ලබැඳී

සිව් නෙත් යොමමින් දෙහදක් අතරේ
නොසැලෙන ඇල්මක ඇසුරක එල්බී
අපමණ සිත්තම් දැක පිය මනිනට
පලසක් එළනෙමි තුටිනි

Comments