නුඹට හිත නැති

නුඹට හිත නැති පෙම් කතාවක -
තනි ව මම නුඹ පතා ඉන්නේ
හදට රා ගිනි දැනි වෙලාවක -
නුඹ ය මුල් වට පෙමින් බැඳුනේ
අදට බෝ කල් ඉන් ගියා වු ද -
මම ය රළු දුරු මගක යන්නේ
නුඹට මා අද පෙම් කලා ට ද -
මහද නුඹ රා ගිනින් මැන්නේ

නිහඬ නුඹෙ ස්වර මා රිදෙව්ව ද -
නැතිය මා එහි දොසක් කිව්වේ
එහඬ නුඹ අන් සතුන් කෙරුව ම -
නොසිතුව ද එය මෙමා දුටුවේ
එකල පෙර මං ගොසින් පසුවට -
නිහඬ වී හිස් කමක් තැනුවේ
මෙකල හද බිඳි හේතු පමණ ද -
නොතක මා නුඹ ඉන්න සිතුවේ

ගතින් බෝ ගව් දුරින් සිටියට -
නිතින් මතකය ලඟින් ඉන්නේ
බහක් මා හැර නුඹ ම කරනට -
කිසිත් නොහිතෙ ද මහිත් තැවුනේ
නෙතග පෙළ ගැහි කඳුළු බිඳුවට -
වැටෙනු නොම දී බලන් ඉන්නේ
ඇසුර හැරුමට ප්‍රේම වතකට -
කියනු සඳ කල් මදි ද ඉතිනේ

Comments