විසිරුනු පැතුමන්

හැම දින තුදුසක අන්තෙක ම
සීත කඳුකරේ සැඟවෙන රුවකට
පෙම් බැන්දා හද නිහඬව ම
යළි හමුවෙන්නේ කෙදින ද නොදැන ම

සඟවන්නේ පෙම කුමකට ද
හද තෙරපෙන වදනින් නහවන්නට
සැඟවේ දෝ මා නොම දැන ම
අනෙකෙකුගේ ලොව හද පෙම් කුටියක

ලතැවෙන්නේ හිත කුමකට ද
නැතිව ද පෙර කල හද ඇඳි ආලය
නිම වේ දෝ අප දිවි මෙලෙස
විසිරුනු පැතුමන් බොඳ වෙනු බලමින

Comments