කොමෝ නගරය
කොමෝ නගරයෙ ඇවිද යමු අපි
දෑත් බැඳ නුඹ මැවූ සිහිනෙක
වීදි සැඟවුනු ගලින් ගල ගැන
රූ වෙමු ද සිතුවමක දසුනක
වීදි කොන රිසි අසුන් මත හිඳ
සරත් සම ගොළු කෙරූ තුරු යට
බැඳී නෙත් යුග හටන් කර කර
සිප ගමු ද රස කතා කිය කිය
තුරුහි දිදුලන පහන් මිණි කැට
මවයි සුර පුර අපට සෙත් කර
සිහිල් පවනට මතක මුසු කර
පියා සරමු ද කොමෝ දිවි තුර
Comments
Post a Comment
ඔබගේ අදහස් හා ප්රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...
ඉන්ග්රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.