කඳුළු අහුරක්

නෙතට ගලනා කඳුළු අහුරක්
පින්සලක් අග දවට දවටා
දරමි තැත නුඹෙ රුව මවන්නට
සෙනෙහසින් බැඳි මතක අලලා

පිය මැනූ තැන් නැතත් දහසක්
දෙඩූ අප තතු රහස් සඟවා
තනමි නුඹ පෑ ඉඟි ලිහන්නට
වර්ණ කැන්වස මතට හලලා

ඇඟිලි හසුරා කලත් වෙහෙසක්
නෙත් දියේ පෑ නැතත් කිසිදා
අඳිමි නුඹෙ රුව නිති මැවෙන්නට
පෙමට කල මා තනිව බැඳිලා

දෑස් බොඳකර මැවූ සිතුවම්
හිමි වුනොත් යලි නුඔව මතුදා
ඉහමි සත් පෑ නුඹ මැවෙන්නට
සෙනෙහෙ කිසි නොම යන්න බෙදිලා

Comments