පැරදී නුඹ හට

අද මා හා හිඳ හෙට ඔහු හා ගිය
නුඹ අත සදහට හිමි නොම වෙද මට
නුඹ තනි මකනට සටනින් අපතර
අද මා එහි නැත පැරදී නුඹ හට

නොසිතුව දුරකට නුඹ යළි ගියෙහි ද
ඔහු හට සිත් බැඳ මා ඇති වූයෙ ද
පෙමකට උවමන සැඟවුවෙ කුමට ද
ඒ මම නිසා ද ඔහු නොව නිසා ද

දුරින් වුවත් සඳකට පෙම් බැඳි බව
නුඹ තෙපලුවෙ ඔහු සඳ දෙස බැලුවම
නුඹෙ ලොව සඳ වී අඳුර මකන්නට
මා පිං කර නැතිව ද මට කිව මැන

Comments