ගැලරියේ

ගැලරියේ අද තනිව මා පමණයි
සොඳුර නුඹ නැති සිතුවමක් කුමටැයි
හදින් ඉකිබිඳ නෙතින් වැසි වලකයි
අපෙන් හැඩ වුනු බිම ම අද නිහඬයි

ගෑටුවා අප ගැලරි එක දෙක
නුඹට මතක ද සොඳුර එදවස
සිහින් ගී සර ඇහෙන තාලෙට
සිතුවමක උස් ගැඹුර මැන මැන

සත් මසක් අග හදින් ඉගිලුන
තුන් හිතේ නුඹෙ ශේෂ තව ඇත
නුඹත් ගිලිහින මා ද ගොළු විය
කාලයේ වැලි තලයෙ සැඟවින

Comments