මා ද සිතුවම් කරන්න

දෙ අත් දවටා එක ම සිතුවම
නොහැකි නම් තව අඳින්න
දෙසිත් දෙකොනක බැඳේ නම් අප
පෙනෙන දුරකින් හිඳින්න
දොසක් නොව නම් හදේ රැඳෙනට
මා ද සිතුවම් කරන්න
බොඳව යන සායමක් මුහු කර
මතකෙ ඈතට යවන්න

පිස්නයේ නුඹ දැවටු පින්සල්
පාට මම යැයි සිතන්න
රාමු කරනට ඔබින පෙම්බර
රුවක් දුටුවොත් කියන්න
නග්න තෙලිතුඩ හසුර කැන්වස
මැද්දෙ ඒ රුව මවන්න
ශිල්ප දක්වන දිනට ගැලරියෙ
මටත් ඇරයුම් කරන්න

Comments