කොමෝ නගරයේ

කොමෝ නගරයේ…
ඇවිද යමු අපි
නුඹ මැවූ සිහිනෙක…
වීදි සැඟවුනු ගලින් ගල ගැන
දෑත් බැඳ පෙම් රහස් කිය කිය
වෙමු ද රූ අප
සිතුවමක දසුනක…
වෙමු ද එළි වැට
ගෙතූ පෙම් කවියක…

වීදියේ කොන අසුන් මත හිඳ
සරත් සම ගොළු කෙරූ තුරු යට
දෙනෙත් බැඳ ඉඟි මරා
කිය කියා රස කතා
සිප ගමු ද ලං වෙලා
සෙනෙහෙ සුසුමන් කොපුල් මත තවරලා

තුරුහි දිදුලන පහන් මිණි කැට
මවයි සුර පුර අපට සෙත් කර
{ සිහිල් පවනට මතක මුසු කරවලා
පියා සරමු ද මෙහි ම දිවි ඇති තුරා } //

{ සියොත් අප දෙස බලා
ලොවට පෙම සැල කලා
සඳ රැසත් ඉඟි කරා
කොමෝ විසිතුර මෙදා } ////

Comments