මම ඉමි බලන්

කෝපි උගුරක් බොන්න නුඹ යන දුරක්
මතක අහුරක් දමා විසි කර මගක්
හමුව දොඩමලු වෙන්න ඇත්තෙ ද හුඟක්
අපට සම කල හැකි ද ඒ කිසි අයෙක්

මිතුරු යදමෙන් මාව බැඳි නුඹෙ හිතත්
විවර වෙන හැටි අනුන් ඉදිරියෙ මහත්
පුදනු හැකි නම් දෙනෙත් මා දුටු හැමත්
හමුව රිසි වෙද දුටු සියල් දෙන කිසිත්

යමින් එන විට විඩාවක් දැනුනහොත්
සොයන් යන විට පැතූ පෙම්බර රුවක්
ගිමන් හල මගෙ නිතින් දොරගුලු හැරන්
ඇවිත් යන්නට එන්න මම ඉමි බලන්

Comments