නුඹ නැතුව නුඹ එක්ක

නුඹ මැවූ ලෝකයෙහි
මම පමණි අද තනිව
නුඹ නැතුව නුඹ එක්ක
අප ගියපු හැම තැන ම

නුඹ එතැයි දිවි මගට
නෙත් අයන් ඉමි තව ම
තුන් හිතත් දවා ගෙන
නුඹෙ සිහිල පතා මම

කොයි කලක වේ ද අප
සිතු පැතුම් ගැලපීම
ඇල් මැරුණ නුඹෙ සිතේ
මගේ පෙම දළුලන්න

Comments