නුඹේ නගරයෙ

නුඹේ නගරයෙ ප්‍රථම හමුවට
සිහින මැව්වා තාම මතකයි
මගේ නගරයෙ හමු වුවත් අප
අපට අප හමු නොවුනෙ කෝමැයි

මහට නුඹ පෙම් කලා එදවස
පැතුම් පොදි බැඳ තාම මතකයි
එදා සිට රහසේ ම නුඹ හට
කල පෙමින් අද මෙමා අන්ධයි

එදා මෙන් නැති වුනත් බැඳෙනට
පෙමක නුඹෙ අද හිතත් හයියයි
සමා වුව මැන නුඹේ සිහිනය
බොඳ කෙරූ ඒ දවස් නොහොඳයි

හිතේ පොපියන ආල හැඟුමින්
නුඹ වෙලාගෙන ඉන්න හිතමයි
දොසක් නෑ මට නුඹට කරනට
බැඳී බෝ කල් ඉන්න පැතුමයි

සත් දිනක් අප හමුව ගොනු කල
මතක හැරදා යන්න ලෝබයි
අපේ මතකය හද දරාගෙන
තනිව පෙම් බැඳ වසනු නොහැකියි

දිනක් ලැබ ඇත හමුව දැකුමට
සීත නිම්නෙක නුඹේ රුවමයි
යලිත් මග නොම හැරී යන්නට
අතින් අල්ලා ගන්න ආසයි

Comments