නුඹ ම අරමුණකි

නුඹ වසන්නා සීත නගරෙට ආ නමුත් පෙර කල හුඟක්
මෙදා යලි එමි නුඹ විඳින්නට හිත් බැඳන් එක අරමුණක්
ගිලිහි යන්නට මොහොතකට පෙර අල්ල ගන්නට හිත් මලක්
ආදරෙයි මම නුඹට නුඹ හට නොදැනුනත් ඒ බව හුඟක්

කොළඹ නුබ යට නුඹත් එක්කල හමු වුවත් අප දින අටක්
නව මසක් අප අපට නොහිමිව ගත වුනා මහ කාලයක්
ගතවෙනා හැම මෙහෙතෙ අද පසුතැවෙමි හද දරමින් බරක්
නුඹට බහ නොම දී තැවූ හැටි සිහි වෙලා විඳිමින් දුකක්

නැති ද කියලා නොදනිමී නුඹ හට මෙමා ගැන දැන් හිතක්
ඇති ද කියලා නොදනිමී නුඹ අද පෙමින් බැඳි අන් හිතක්
මදි ද කියලා නොඅසමී මා නුඹට දනවන යම් පෙමක්
බැරි ද කියලා විමසමී පෙම් බැඳ ගෙවන්නට දිගු කලක්

Comments