නිති දැනේ නුඹ

දුරින් උන්නත් මගේ නම්
නෙතග කඳුලක් නොවේ යම්
ලඟින් උන්නත් දුරින් නම්
දෙනෙත තෙත් වෙයි නිතින් බං

නුඹට පෙම් කල හිතින් මං
අහක බලනේ කෙසේ යම්
නුඹව හිමි වන පිණක් නම්
හැකි ද පාදා දෙන්න බං

නිහඬ නුඹ දෙස බලන් මං
සුසුම් ගොන්නක් හෙලමි දැන්
හදේ දළු ලන ගින්න නම්
නුඹෙ දියෙන් හැක නිවනු බං

ඇතොත් සැක කිසි හිතේ යම්
නුඹව හැරදා යතැයි නම්
මෙලෙස පෙම් කර නුඹට මං
දමා යන්නේ කෙලෙස බං

වසත් අවසන් වෙලා දැන්
නුඹත් ඈතට ගිහින් යම්
මටත් නුඹ නිති දැනේ දැන්
හැකි ද පෙමකට එන්න බං

Comments