වසර අවසන

වසර අවසන ඉරු දිනක මම මද්දහනෙ නුඹෙ පහස සෙව්වා
ගාලු මුවදොර වෙරළ අභියස නුඹේ රුව මම මවන් උන්නා
නැතත් අප හට මතක මේ බිම නුඹට මෙහි එන රුචිය තිබ්බා
අපට මෙහි විත් දෑත් බැඳගෙන ඇවිද යන්නට හැකිව තිබුනා

නුඹත් මාගෙන් දුරස් වීගෙන තනිව ඉන්නට සිහින මැව්වා
මමත් මෙහි ඉඳ නුඹව පතමින දිනක යලි එක්වන්න පැතුවා
ගලින් ගල නැග බිඳෙන රළ පෙළ අපේ ගමනට දොසුත් නැගුවා
නමුත් නුඹ හැර යාම මා හට මෙභව කිසි ලෙස කරනු බැරුවා

ගාලු මුවදොර අද රැයේ දී නුඹත් එක්කල එන්න පැතුවා
මල් වෙඩිත් දැක නුඹට ප්‍රිය හැම කරන නිදහස දෙන්න සිතුවා
නුඹේ සතුටට මගේ සතුටත් එකතු කර රැය ගෙවනු සිතුනා
පැතුම් මේ ලෙස පොදි බැඳන් මා නවමු වසරට යන්න සිතුවා

Comments