බලාපොරොත්තුවේ පැණය

පළමු හමුවෙදි හදේ පොපියපු උණුසුමෙන් අපි මිදීලා
සයනයේ අප වැතිර දොඩමළු වුනා දෑඟිලි ගොතාලා
මතකදෝ නුඹ ඇසුව පැණයක් මගේ ළයෙ හිස හොවාලා
“අයියෙ අපි ආදරේ කරමු ද” කියා මා ගත බදාලා

හදත් බරැතිව මහට පිළිතුරු නැතුව ගිය හැටි හිතාලා
මඳක් නිහඬව නුඹව තදකර ගතිමි ළය මත හොවාලා
නේක වාරෙක බිඳුනු මා හද යළි බිඳෙයි බිය හිතීලා
කඳුළු දුටුව ද නෙතට ඉනු මා ඊට නොහැකියි කියාලා

මහද සොරකම් කෙරුවෙ නුඹ අද නොවේ ඒ දින කියාලා
නොකී මා හද අදත් බෝ පසු තැවේ නුඹ සිහි කරාලා
බොහෝ කටුකයි මගේ දිවි අද නුඹ ම විලසින් තැවීලා
බලන් ඉන්නෙමි යළිත් නුඹ ඒ පැණය අසතියි කියාලා

Comments