අවසන් නුඹේ හාදුව

නුඹත් කොළඹ ම හිටපු දවසක - දිදුලනා රෙදි පිලින් ගන්නට
මාගෙ දේසෙට ආව මතක ද - කුකුළෙකුත් දෑතින් ම අරගෙන

වසර අග සාදෙකට සැරසුම - හදින් කැප වී කරයි නිති නුඹ
මමත් නුඹගේ හිතේ පදමට - නුඹත් අරගෙන ගියා හැම තැන

දිලිසි දිලිසී රැඟුම් පානට - සාදෙ කව්රුත් මවිත කරනට
නුඹට හැමදෙන ඇලුම් කෙරුවම - මටත් ලෝබයි නුඹව වැනුවම

එදා අප පිය නැගුව ගැලරියෙ - සිතුවමුත් හිත් පුරා බැලු නුඹ
ප්‍රිය කලා මහ ගොඩක් එතැනට - හිතේ සිහිනෙත් දුටුව මඳකට

කෝපි උගුරක රසය බලනට - වැහි කලුව සුදුසුයැයි හිත හිත
වෙලා දොඩමළු මඳක් සුහදව - පෙමින් මොහොතක් ගෙව්ව නුඹ මම

කොළඹ අහසත් හඬා වැටුනම - සැඳෑවේ අපෙ තතු ද අසමින
රඟහලේ අපි ලඟින් ඉඳගෙන - දෑත් බැන්දෙමු බලා කොල්ලය

එදා රෑ නුඹ ඇරලු මා හට - තුති පුදා නුඹ මහත් සතුටින
දෙතාල් මා සිර කරන් නුඹ මට - පිදුවා අවසන් නුඹේ හාදුව

Comments