කාලෙ පැමිණී ඇත

අලුත් මුහුණක අඩුව නුඹ හට දැනේ දැයි මම නොදනිමී
නුඹේ රුව මම පෙමින් බැඳි දා සිට ම නිරතුරු පැතුවෙමී
මාව මග හැර දසත රූ හා හාද වන්නට සිතුවිලී
නුඹට ඇති දැයි නොදැන නොකරන් කරනු බෑ මට ඇවටිලී

ලියූවත් මහ හෑලි දෙසලා හැඟුම් නුඹෙ ගති මම සැලී
කියූව ද ලොකු පෙම් කතා නැති වුනත් නුඹෙ ලඟ හිතුවිලී
ඔවා දුන්න ම මරු වැලින් මුද නොවී කාගෙත් හුරතලී
කසළ කූඩෙට මා දමා නොම ගියේ කිම සඳ නුඹ කිසී

නුඹේ තතු විමසනා පෝළිමෙ අගින් මා තබලා සැදී
නුඹත් දකිති ය කොතෙක් මා මග හැරත් යලි මා එන හැටී
පසක් වූව ද මා එපා කිව් දේ ම කර දුක එන හැටී
කෙදින නුඹ කිවූ දෑ හි බර නුඹ වටහ ගනිදැයි නොම දනී

කාලෙ සුන් විය බොහෝ නුඹ හා ඉන්න තිබු දෑත ම බැඳී
නුඹේ අරමුණ මාව නොවනා බවට තව කිම පැමිණිලී
කාලෙ අවසන් වී ය මා නුඹ වෙතේ පිරිනැමු හද බැතී
කාලෙ පැමිණී ඇති ය නික්ම ව නුඹෙන් කාලය ගත හැකී

Comments