නිමේශයක්

නිමේශයක්…
ඇතේ මහට නුඹගේ දිවියෙන්
විඳින්නට ලය හොවා නුඹගේ පෙම් සැලකුම්

නිමේශයක්…
නුඹේ හැඟුම් මා වෙත දක්වන්
දැනෙන්නට මා හදේ තෙරපෙන පෙම් හැඟුමන්

අතීතයක්…
මහත් නැති ද අප’තර රසවත්
දෑත් බඳිමු මෙහොතක් අප ආ මග කර සිහිපත්

කාලයක්…
මෙතැන් මතුව ඉනු හැකි වේ නම්
පැතුම් නොපත ඉමු මේ මොහොතේ හදවත් රිදවන්

ප්‍රේමයක්…
නුඹේ නමට හද මා ඇතිමුත්
දවා මහද නුඹගෙන් වෙන්වී යමි නෑ තරහක්

ශෝකයක්…
ඇතත් නොදැක ඉනු මතු මෙතැනින්
හදේ නුඹට දොරගුලු හැර ඇත වඩිනට නැවතත්

Comments