හදක් ඇතොත්

මා පබඳින කවියේ සිව් පදයට
පමණක් පෙම් බැඳ ඉගිලී යයි නුඹ

ඒ කවි වල පදරුත් දැන ගන්නට
වෙහෙසක් ගත්තෙ ද කිසි නොදනී මම

හද බැතියෙන් මා හැඟි අදරෙන් බැඳ
කවි එක දෙක මහ ගොඩක් ලිවෙන කල

ඒ පද හැම වටහා ගති නම් නුඹ
හදක් ඇතොත් උණු වෙනු ඇත නිසැකව

Comments