පිපි හදක් මියෙනවා
මා හිතේ නොසතුට මුවින් දිස්වෙනවා
මා හදේ රිදවුම නෙතින් වෑහෙනවා
අන් බිමේ නුඹෙ සිත් මලක් පූදිනවා
හද විලත් වස්සානයේ වියලෙනවා
සඳ බලා දුර හිඳ නුඹව සිහි කෙරුවා
සඳ බලා නුඹ අන් රුවක් සිහි කෙරුවා
මග බලා උන් මම පෙමක් හද කැඳවා
මා මුදා නුඹ අන් හදක් යලි පැතුවා
පුන් පොහෝ දින මා සිතින් ලතැවෙනවා
නුඹ උනුන් හා තේ පැණින් තුටු වෙනවා
නුඹ දතත් මා නුඹ වෙතේ ලංවෙනවා
නෑ දැනුම් නුඹ හට පිපි හදක් මියෙනවා
මා හදේ රිදවුම නෙතින් වෑහෙනවා
අන් බිමේ නුඹෙ සිත් මලක් පූදිනවා
හද විලත් වස්සානයේ වියලෙනවා
සඳ බලා දුර හිඳ නුඹව සිහි කෙරුවා
සඳ බලා නුඹ අන් රුවක් සිහි කෙරුවා
මග බලා උන් මම පෙමක් හද කැඳවා
මා මුදා නුඹ අන් හදක් යලි පැතුවා
පුන් පොහෝ දින මා සිතින් ලතැවෙනවා
නුඹ උනුන් හා තේ පැණින් තුටු වෙනවා
නුඹ දතත් මා නුඹ වෙතේ ලංවෙනවා
නෑ දැනුම් නුඹ හට පිපි හදක් මියෙනවා
Comments
Post a Comment
ඔබගේ අදහස් හා ප්රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...
ඉන්ග්රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.