මතක සිර ගෙය

කඳුලු පොකුරක් නෙතග හිර කර
දිදුලවා නෙත් දෙකත් බොඳ කර
හිනැහුනා මම පුරුදු විදියට
නුඹත් එක්කල කැමර කාචෙට

කොළඹ එන්නට එක ම බසයක
එකට ගෑවී ලඟින් ඉඳගෙන
නුඹව ගිලිහෙන බවත් දැනගෙන
සියක් ගව් ආවෙමි ය අවසන

ගත කරන් පෑ ගණන් බසයක
හිර වෙලා තුන් අසුන් පෙළ මැද
ගුලි කරන් දස මසක මතකය
කොළඹ වැඩියා හදත් බිඳ ගෙන

නිදොස් කොට නිදහසේ බැමි හැර
නුඹේ ගමනට යන්න ඉඩ හැර
මෙමා දිවිතුර මතක සිර ගෙය
වහල කර ගමි වෙමින් සිරගත

Comments