නොකී රහස්

වචන අමුණා නුඹ නොකීව ද
හිතේ රැඳි හැම රහස් බැමි ගැන
පෙමින් උමතුව සිටින මා හට
කෙසේ සඟවන්නදෝ නුඹ හැම

පෝරු මස්ථක නුඹව දකිනට
දිනක් ඒ නම් මෙයින් මතුවට
මා මුදා වෙන අතක යන නුඹ
කුමට මා හට පෙම් කරන්න ද

ඇතත් මා හිස ගැටළු අපමණ
පමා විය පිළිතුරුත් සෙවුමට
මං මුලා වූ හැඟුම් පොදි බැඳ
නුඹට මා පෙම් කරයි අද තව

Comments