නුඹත් නික්මිය

නුඹේ කටහඬ යලි අසන්නට
සිදාදියෙ සති අගේ සරමින
නුඹව යලි දැක බදා ගන්නට
පිණක් මා හට ඉතින් නැති විය

නුඹෙ දෙතොල් යලි වරක් සිඹිනට
අතින් අත බැඳ ගමන් යන්නට
දෙපා බැඳ යලි තුරුල් වන්නට
වරම් මා හට නැති ය මතුවට

පසෙක ලා අපෙ මතක සදහට
නුඹට යන්නට වීය හනිකට
අන් අතක් අල්ලා බදන්නට
මහට සමු දී නුඹත් නික්මිය

Comments