අමාවක අහස

දිදුල බැබලූ සඳත් අහසේ -
අමාවක දා නිවී සැඟවින
මහට රිසි වූ එක ම පෙම්බර -
රුවත් නොසිතූ මගක යන්නෙ ය
සඳක් නැතිව ද අඳුරු අහසේ -
තරුත් කිසි කල නිවී නොගිය ද
සඳක් නැති නුබ නිරිඳු හැර ගිය -
දෙසක් මෙන් කිසි කමක් නැත්තෙ ය

දිනෙන් දින නුඹෙ රුවෙන් වෙන් වී -
අඳුරෙ සරමින් ඉන්න වෙන මට
සියුම් එළියක පහසවත් අද -
නැතේ නුඹගෙන් කිසිත් මා හට
බොහෝ තරු ගැණ කාලෙ යවනට -
තොසක් නුඹ හට තිබූව ද හිත
ලඟින් උන් සඳ නුඹට අතපසු -
වුනේ කිම නොම දනී මා තව

Comments