හැඟීමක් නැති

හැඟීමක් නැති නුඹේ මනසට නිතින් මා ඇවිටිලිත් කෙරුවා
හිතින් යන්නට එය ම පමණක් හේතු වන්නට ඇතැයි හිතුනා
පලක් නැත හදවතේ ඉන්නට ඉඩක් නැති කල සෙනග පිරිලා
නුඹට පෑ පෙම කරපිනාගෙන මතක කැටුව ම අකලෙ මියුනා

ඇතත් බෝ දෑ කියා හිටිනට බිහිරි නුඹෙ කන් මවෙත හැරිලා
නැතත් සතුටක් නොරිසි නුඹෙ වැඩ නිසා බෝ දෙන හිතුත් තැවිලා
සොහොන් බිමෙ නුඹ නමින් බිහි වුන නුඹ මැරු හිත් ඇතත් පිරිලා
එහි ම මාගෙ ද සොහොන නුඹ හට තනනු හැක දැන් මගෙන් මිදිලා

Comments