දිවි රකින්නට නුඹත් එනු සඳ

මා දිවියේ නිති කරනා පිණකට
නුඹ ද කැටුව යන හැඟුම විනී
මා මොනයම් අයෙකු ද කියනා වග
නුඹ ද දකින සිත මහට විනී

දිවියක් රැකුමට රුහිරය දන් දෙන
පිරියක් හද හැම දින ම විනී
නුඹට නොදැනෙනා නුඹගේ අගයට
නුඹෙ දිවි රකිනට මා ද ඉමී

කළු පැල්ලම් මා චරිතයෙ තිබුනට
මා කිසි ඉන් නොම මනිනු නිතී
අයාලෙ ගිය හිත් ඉස්සර තිබුනට
මා අන් සත ගැන සිතමි නිතී

මා ගැන මා ඔද වඩනට හිත් නැත
සඳ නුඹ එය හොඳ හැටි ම දනී
නුඹටත් ඇහැකිය දිවියක් රැකුමට
මතු දිනයක මා හා එක් වී

Comments