නුඹව දැනෙනා තැන්

අඳින්නට බිතු සිතුවමක් නුඹ
ගියා දුරකට එක් දිනක්
සැඟවිලා නුඹ හිමේ නිහඬව
මතු කලා මහ පාළුවක්

එදත් අද මෙන් නිහඬ වූ නුඹ
රාජකාරිය කරනකන්
දැහැන් ගතව ද මැව්වෙ සිතුවම
බලා උන්නා මා හුඟක්

මෙදා යන බව සැල කලා නුඹ
මෙපුර අඳිනට සිත්තමක්
අවන් හලක ම මහට කිට්ටුව
ඇඟිලි ගනිමී දැන් ඉඳන්

නුඹත් මා ලඟ නැති නිසා අද
පාළු මකනට පිළියමක්
නුඹේ බිතු සිතු බලා සැනසෙමි
නිතර එහි ගොස් දින ගණන්

Comments