නුඹෙ අසුන් නිහඬයි

නුඹත් එක්කල පිය මැනූ තැන්
අද බොහෝ නිසලයි
මෙමා යලි එහි සැරි සැරූවම
නුඹෙ අසුන් නිහඬයි

ලඟින් නැති නුඹ සිහි කරන්නට
මතකෙ රුව කදිමයි
නුඹත් මා හා මතක ගොනු කල
තැනුත් හද සනසයි

නුඹේ සුවඳට ලැදි වු මා අද
ඒ සුවඳ සෙව්වැයි
නුඹේ සෙනෙහස සොයා මා අද
මග බලා උන්නැයි

නුඹේ ප්‍රියතම කෝපි රස මට
නුඹව සිහි කැඳවයි
දොඩන්නට නුඹ නැතත් පසෙකින
පැරණි බස් මතකයි

Comments