වියැකි හඹා යාම

සයනෙ වැතිරී කලා මා හට කෙටිම කෙටි එක ඇරයුමක්
පලමු හමුවෙන් සිත් පිනා ගිය සතුට සදහට පැවතුමක්
උමතු අප සිත් අපට අප නතු කර ගැනීමට යස පිළියමක්
ආදරෙන් බැඳ බැඳීමක සදහට ම අප යන අයැදුමක්

අතින් අල්ලා වහා යන්නට පතාගෙන බෝ දුර මහත්
ඇති වුනා නම් විගස වුවමන එදවසේ හාදව මටත්
නොදැන එකිනෙක කලක් යන කල නොගැලපුම් දැක අප මහත්
අතර මග දී දුරස් වන්නට සිදු වෙතැයි සැක වුනි මටත්

දුටිමි බෝ මස් අවසනේ අප අපගෙ උස් මිටි වෙනස් කම්
කාලෙ සොඳ යැයි හැඟුනි දෑත ම බැඳන් යන්නට දුරක් යම්
මාගෙ හද නුඹ වෙතට පිරිනම බලා උන්නෙමි පසුව මම්
නුඹට මා පස හඹා යන සැප වියැකුනේ කිම නොදනි මම්

Comments