පෝරුව මත නුඹ?

පෝරු මස්ථක නුඹව දක්නට වෙනා පව මා කරල තිබුනා
දිනෙන් දින ගොස් කෙදින හෝ මතු නුඹට මා මග හැරෙනු තිබුනා
නුඹ-හා අතිනත ගන්න පෙරුමන් පිරූ හැටි මට නිතින් හිතුනා
අනේ අප හට වෙන්ව ඉන්නට දෛවෙ සරදම් කරල තිබුනා

දොසක් නෑ නුඹෙ බොහෝ තීරණ නුඹව නොපෙලූවෙ නම් කිසිදා
නුඹට ඇත යම් පුරුද්දක් අඩු තැන ම සිත නවතන්න සැමදා
බියක් නැතිවත් නොවේ යම් කිසි නුඹට අවැඩක් වෙතැයි කවදා
මහත් සතුටක් හිතේ නෑ පසු තැවේ දැයි නුඹ හිතෙන හන්දා

නුඹේ ගමනට ආවඩා සුබ පතා නිහඬව සිටිමි මෙදිනා
නුඹට දැනමුතු කමක් දෙන්නට මා කිනම් ජගතෙක් ද හිතුනා
නුඹට මා හැර අන් සියල් දෙන බොහෝ ලෙන්ගතු කමින් දැනුනා
නුඹට පෙම් බැඳ දුරින් හිඳ දෙස බලා තනිව ම ඉන්න බැඳුනා

Comments