සිහිවටන

අඳින කටුවකි කබා පටි මත
සතුව ඇත්තේ නුඹෙන් මා ලද
එක ම එක සිහිවටනෙ වුව එය
මහමෙරක් සේ දකිමි ඉන් නුඹ

අයැදුවත් නුඹ අතින් නිම වුන
නුඹේ දෑතින් වර්ණ ගැන්වුන
සිත්තමක් මට මතකෙ නැගුමට
අද ද ලැබෙතැයි බලන් ඉමි මම

මතක ගොන්නක් හිතේ තද කර
රූප ගොන්නක් නිතින් බල බල
නුබේ සැමරුම් හදේ ගොනු කර
සුසුම් අහුරක් කඳුළු කලෙ මම

Comments