එක් සත් දිනකට

නුසුදුසු බැඳුමින් හද විල බොර වුන
කලක ද මිතු දම පෙමට සදා
නුඹ හද මිතු සතු කර මා හැර ගිය
දිනයක් තවමත් නොදනි මෙමා
මා මග බලමින නුඹෙ පෙම පතමින
හිටි ඒ සමයෙ ද දුරස් වෙලා
අවසන් පිළියම අදරෙන් ඉඳිනට
තේරුවෙ අන් හද මගැ’ර මෙමා

කිම කල් මැරුවේ මෝරණ තෙක් පෙම
මට නුඹෙ සැලසුම් පවසන්න
කා ලඟ උන්න ද අවසන් නිශ්චය
ලබැඳි අතක් ගනු ස්වකැමැත්ත
දැනුනා නම් මට නුඹව නොහිමි බව
නුඹ හට නොවෙති ය ඇවටිල්ල
නුඹගේ ඉඟි පෙම් බස් නොතැකුවෙ නම්
නොම වනු ඇත මට ලතැවිල්ල

පමා වැඩියි ආපසු මට හැරෙනට
මහ මෙර සේ මා පෙමක බැඳී
කමක් නැතේ නුඹ වෙනතක හැරුනට
දැනගන් නුඹ මට ලොවක් වැනී
හැකි වූවා නම් එක් සත් දිනකට
නුඹේ පෙමක් ලැබ යනු මියැදී
පෙරුම් පුරන්නෙමි මගේ ම වන ලෙස
මතු භවයක මා නුඹේ ම වී

Comments