අතීතේ නුඹ ගියපු තැන්

මතකදෝ නුඹ ගියපු තැන් මා නැති කලේ නුඹෙ අතීතේ
කොළඹ නුඹ නැති වෙලේ මා අද එහි යතේ නිති දෙවේලේ
මතකදෝ නුඹ ගනිපු සේයා රූප ඒ තැන් වල එසේ
නුඹ නැතත් මම නගමි සේයා රුවට නුඹ එහි ඇති ලෙසේ

ඇතේ ඒ වැනි යන්න තැන් මේ සිව් අතේ නුඹෙ අතීතේ
එකින් එක මම කපා හරිනෙමි දිනෙන් දින එහි යන කලේ
තනිව මා යන ගමන මා හට බෝ බරක් ගෙන දෙයි හිතේ
කුමක් කරමි ද නුඹව සැමරුම එය ම විය මා සැනසුවේ

දිනක් ඒවි ද කියා නොදනිමි අපට සැරිසරණට මෙසේ
අලුත් තැන් වල අපේ පිය සටහනක් තැබුමට පෙර ලෙසේ
අතින් අල්ලා ලංව නුඹ ගෙන ලඟට කන කොඳුරන මෙනේ
හාදු එක දෙක හොරෙන් දෙන්නට අපට දිනයක් වෙද සඳේ

Comments