නොදැන නැවතුම

නුඹට මම පෙම් කලා තනිවම
හද රිදෝගෙන
නුඹ පතාගෙන නිතින්

හදට නුඹ රිංගුවා දවසක
යලි නොයන්නට
හැඟුම් දහසක් දෙමින්

හිතින් මම කෙඳිරුවා නුඹ හට
රැඳී ඉන්නට
මතක ගොන්නක් පිටින්

දසත අපි ඇවිදුවා නිතර ම
මතු ගමන් මග
නොදැන නැවතුම කිසිත්

Comments