තිළිණ සිත්තම

රටා බෝ ඇති එදා නුඹගෙන් ලැබූ කරදහි කොලේ මහටා
නුඹට හිත් නැති වුනත් එය මට මහත් තිළිණෙකි නුඹත් ඉන්නා
මගේ උමතුව නිසා දකිනට නුඹේ සිතුවම් බිතක රන්දා
නෙතේ ඇඳි ආලයට එහි අඩු පාඩු නැත දැක ගන්න මෙදිනා

නැතත් නුඹ හට පිරිය දකිනට රාමු වී එය බිතක රන්දා
නුඹට සිත් විය මහට ලස්සන දෙයක් ඇඳ දෙන ලෙසට මතු දා
සතිය අන්තයෙ නුඹ ම හිතලා ගොසින් සිත්තම් කරන අටිනා
මාත් එක්කල මගේ මතකෙට සිත්තමක් කර දෙන්න තුටිනා

සතිය අන්තයෙ නිසල තැනක ම එක් ව හමු වී දෙදෙන තුටිනා
මගේ පොතක ම මගෙ ම මතකෙට නුඹේ සුරතින් වැඩක් කෙරෙනා
පෑන් එක දෙක හසුරවා නුඹ මැවිය මනරම් දසුන අගනා
නුඹේ මා ප්‍රිය කලාවෙන් මා පොතේ නුඹෙ සිතුවමක් මැවුනා

සිහින බොඳවන දිනක් පාසා නුඹට මා ආලයෙන් බැඳුනා
එවන් කලෙකත් නුඹෙන් සිත්තම් ලබන්නට මට පිණක් තිබුනා
නුඹට මා ගැන පෙමක් හිත් කොන නැතත් ඒ දුන් තිළිණෙ හන්දා
තවත් මා නුඹ හට ම පෙම් බැඳ කඳුළු සඟවා තුතිත් පිදුවා

Comments