නුඹේ ඉල්ලීම

නුඹෙන් නොලැබෙන පෙමක් හමුවේ මහද නිති ගිනි ගන්නවා
නුඹෙන් ඈතට යන්න හිතමින් මමත් පියවර තබනවා
නුඹෙන් මා හට නොලැබි සැලකුම් මහිත නිති සැරි සරණවා
නුඹේ ආදර හැඟුම් නොලබ ම මමත් යන්නට හිතනවා

මගේ වෙනසක් දැනී නුඹ මා හට ම ඇමතුම් එවනවා
වෙනස කිමදැයි විමස විමසා මාත් එය මග හරිනවා
උපන් දින සුබ පැතුම් පණිවුඩෙ අසා නුඹ මට කියනවා
නුඹ ම අවසන එක ම ඉල්ලීමකුත් මාගෙන් කරනවා

නුඹෙ අතින් බෝ වැරදි මා හට වෙනු ඇතියි නුඹ කියනවා
හැකි වෙනම් නුඹ ලඟින් නිරතුරු ඉන්න කියලා කියනවා
මගේ හිත නුඹ කිසිත් කවදා නොහැර යන්නට කියනවා
නුඹව තනිකර නිහඬ වන්නට ලේසි නැති බව දැනෙනවා

එදින සවස ම නුඹව හමුවට මමත් නුඹෙ දෙස වඩිනවා
දෑස් බොඳ වුන වෙලාවක මම නුඹෙන් කරුණක් අහනවා
මහට කිම නොම පෙම් කරන්නේ අසරණව මම අහනවා
යලිත් කා හා පෙමින් නොබැඳෙන බවක් නුඹ මට කියනවා

බොඳවු දෑසින් කඳුළු රූරා වැටෙන මම නුඹ බදනවා
මගේ ලොව යළි බිමට සමතල වෙලා යන බව දැනෙනවා
නුඹ බදාගෙන මගේ කඳුලැල් නුඹේ පිට මත හලනවා
මහ මෙරක් බඳු පෙමක් හද බැඳ තනි වෙනා බව දැනෙනවා

Comments