ඔය හදේ මට ඉඩක්

දනිමි නිතර ම නුඹට මා දොස් නගන ලෙසකින් කවිත් ලියුවේ
මා හිතත් පෙර සේ මෙලෙක් නැත සවිය වී හැම මෙදා දැරුවේ
අඩ වසක් නිම වනා තැනදිත් කරමි ඇවිටිලි පෙමක් හමුවේ
කාලෙ හෙමිහිට දැවී අප හට පෙමක් කෙරුමට ආයු මදි වේ

අපේ ඇඳිනුමෙ වසක් සපිරෙන සමීපෙට අපි ඇවිත් ඉන්නේ
නුඹේ ගල් හිත තව ම මාගේ පෙමින් මෙළෙකක් ඇත් ද නොවුනේ
අතීතයෙ තව රැඳී ඉඳිමින් කාලෙ කනු කිසි නොරිසි වන්නේ
ඔය හදේ මට ඉඩ හදන්නට කැක්කුමක් තව නැති ද දැනුනේ

නුඹත් හොඳ හැටි දනී මා මෙන් නුඹට පෙම් කල අයත් නැත්තේ
මෙලෙස නුඹ පිළිගෙනත් නුඹ හා අන් අයෙක් පෙර ඉඳල නැත්තේ
මටත් නුඹ නැති නුඹෙත් මා නැති ලොවක තනි වන හිතක් නැත්තේ
එවක මුල් දින හැඟීමෙන් කිම බැඳෙනු බැරි එකිනෙකා මත්තේ

Comments