අග හිඟකම් අප

අග හිඟකම් නුඹගේ අසලා මම
අදටත් නුඹ හා සිටිමි සඳේ
අග හිඟකම් මාගේ ඇසුවම නුඹ
මා ලඟ රැඳෙනට හිතෙ ද සිතේ

නුඹට දුන් කිසිත් යලි ඉල්ලන්නට
මා නුඹ හට පෙම් කලේ නැතේ
අමාරුකම් මහටත් අද එන විට
මා අමතක වීලා ද හිතේ

දෙතැනක උන්න ද වත්කම් සම වුද
බරපැණ හවුලේ අපි දැරුවේ
අපමණ සෙනෙහසකිනි මා නුඹ හට
නිති මා ලේ මෙන සැලකූවේ

අපගේ බැඳුමේ සවිය දැනෙන්නට
අප අප එකිනෙක වුවමන වේ
එලෙසින් අපගේ දිවිය වැඩෙන්නට
තනි නොකරන් අප සිටි යුතු වේ

Comments