ආත්මරාගී නුඹ

ආත්මරාගී නුඹගේ මනසට මා රසිකයෙකැයි නොහිතේ දෝ
නිතර සෙවූ ආදරයෙන් සැලකූ මා හිත නුඹ හට වැටහේ දෝ
නුඹේ ලඟින් හිඳ නිරන්තරේ නුඹ සෙව් සැලකුම් මා නොදුන්නෙ දෝ
මා පරදා සිව් දෙස උන් හැම නුඹ හා සමීප වුයෙ කෙලෙසින් දෝ

හැම අත වුන් හා ඉඟි බිඟි පානට නුඹ හට රුචියක් තිබුනේ දෝ
ආදරෙ කෙරුමට කාලය ඉල්ලා සිව් දෙස වුන් වෙත හිත ගියෙදෝ
මම හැඳිනෙමි මේ වදන් මහට පමණක් බව නුඹ මා රවටයි දෝ
කමක් නැතේ නුඹ මා විසි කලාට වලංගු නැති මෙන හිත බින්දෝ

නුඹෙ රුව පසසන නුඹෙ පස පැමිණෙන සැලකුම උන් හට පමණයි දෝ
ලොවට පෙනෙන්නට ලාගෙන වෙස් මුහුණක් නුඹ කෙලෙසේ ඉන්නේ දෝ
අන් හැම නුඹ ගැන කිව් දෑ මා හිත රවටන් වුව මා පෙම් බැන්දෝ
හොඳ නරකක් සලකා නොව නුඹ හට පෙම් කෙරුවේ නුඹ දන්නේ දෝ

Comments