නොකී රහස්: උපන්දින සුබ පැතුම

නුඹේ අවසර ඇතුව නුඹ හට
සුබ පතා නුඹෙ උපන්දිනයට
දැමූ පැතුමන් සැඟවුවා මම
සමහරක්ගෙන් නුඹව රැකුමට

නුඹෙ නමත් එහි තිබුන හන්දා
උන් ගැනත් මම දන්න හන්දා
නුඹව මං ඒ ලෙසින් රැක්කා
ගොදුරු ලෙස නුඹ උන්ට නොපුදා

රාග ගිනි උන් හිතේ ඇති බව
බොහෝ විට පෙන්නවයි දරුණුව
කලක් ඒ හැම ඇසුරු කල මම
දනිමි දැකුමත් සුදුසු නැති බව

අදරේ නොම කලත් නුඹ මට
ඒ දවස් වුව නුඹව රැකුමට
නුඹේ නම සැඟවුවා ඒ කල
මගෙ කතාවත් දන්න අය හට

Comments