මම නික්මෙමි

අවසානයේ
මා දන්නා බව
මට දැනුනේ මෙපමණකි.
නුඹට කල ආදරය
මගේ හද තුල ම පණ ඇද දිනෙක
මාත් සමග ම මිය යන බව ය.

වසක් අවසන් වන තෙක්
මා නුඹට කල
ඒකපාර්ශ්වික ආදරයට
ආදරය කරමින්
ඉතින් මම මට ම සමු දෙමි.
යලි නුඹ හමු වේදැයි මා නොදනිමි.
එහෙයින් නුඹට සමු නොදෙමි.
ඒ නුඹ මගේ අවසන් ප්‍රේමය හෙයිනි.

මා හැර යන නුඹට යලි මා
හමුවේදැයි මම නොදනිමි.
කාලය වේගයෙන් ගෙවී ගිය ද
නුඹ මාගෙන් ඉල්ලූ කාලය
තවමත් ගෙවී ගොස් නැති හැඩ ය.

ඉතින් මම නික්මෙමි.
කියවන්නටත්, ඉරා විසි කරන්නටත්
මේ ගත දැන් නුඹේ අයිතියේ ය.
යථාර්තයක් කරගන්නට බැරි වුනු
බොහෝ සිහින, බලාපොරොත්තු
නුඹේ දෑත මත මෙලෙසින් තබා
මම නික්මෙමි…

Comments