අපට අප හමු වෙලා ඇත අද

නුඹෙ හිතත් මා වගේ වී නම්
ආදරේ අභියසෙහි මුදු වෙන
ඉඳ හිටේ වෙන අපේ හමු වල
වැළඳ තුරුලේ පෙමින් සැනහෙන

හිතේ තෙරපෙන හැඟුම් වී නම්
මගේ ඉදිරියෙ මුදා හල මැන
මටත් නුඹ මෙන නුඹට මා ම ද
හදේ දොරගුළු හැරන් කිව මැන

මගේ දිවියේ නුඹත් වී නම්
හදේ මට නුඹෙ ඉඩක් වෙන්වුන
වෙන්වෙනා හමු සියල් අවසන
නුඹෙත් නෙතගේ කඳුළු ඉහිරෙන

පිණක් අප හට කිසිත් වී නම්
ලොවක් ඉදිරියෙ එක්ව වසනට
සුහද නෑසිය වදන් පිලිගෙන
මහැර අන් අත පිළිනොගන් මැන

වැරදි මග ගොස් මුලා වී නම්
හද මරා නොදමන්න ඉන් සඳ
අපට අප හමු වෙලා ඇත අද
ඉතින් ආදරෙ කරන් පෙර මෙන

Comments